පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය වසරේදී සිදු කළ වැටලීම්වලින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා.

එහිදී වැටලීම් 24,761ක් සිදුකර ඇති අතර, නඩු පැවරීම් 23,953ක් සිදුකර ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, තොග සගවා තබා ගැනීම, බිල්පතක් ලබා නොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර තිබුණා.

source :- https://tinyurl.com/nha76rsb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here