
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන පළමු ලුණු තොගය අනිද්දා දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වාණිජ සංස්ථාව පවසනවා.
එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ පළමු අදියරේදී ලුණු මෙට්‍රික් ටොන් හාරදහස් පනහක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙටි්රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව පෙබරවාරි 28 වන දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමටයි අවසරය හිමිවුණේ.
source :- https://tinyurl.com/37wkp4yw







