
ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ පැවැති ලෙජන්ඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා ලබා ඇපමත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා අධිකරණය මගහැර රටින් පලා ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම කරුණට අදාළව නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මෝසම මෙම කරුණු සඳහන් කර තිබෙනවා.
මෙම කරුණු සලකා බැලූ මාතලේ මහාධිකරණ විනිසුරුවරයා අදාල විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අද වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළා.

source :- https://tinyurl.com/5hde3ze5








