මෙම වසර තුළදී 340,000කට විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි සභාපති කෝෂල වික්‍රමසිංහ සදහන් කළේ, පසුගිය වසරේදී තුන් ලක්ෂ 11,000ක් වූ විදේශ රැකියා ප්‍රමාණය මෙම වසරේදී සියයට 12කින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෛමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එසේම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් නියෝජිත ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ.

source :- https://tinyurl.com/49vrkkkd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here