
මොරටුව පොලිසිය ඉදිරිපිට ඊයේ (19) රාත්රීයේ ඇතුවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඊට ප්රදේශවාසීන් මෙන්ම පිටස්තර ප්රදේශවල පැමිණි පිරිස් ද ඇතුළත්.
ගම්වාසීන් කිහිපදෙනෙකු අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් බව පවසමින් පිරිසක් පැමිණ මොරටුව පොලිසිය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

පොලිසිය සඳහන් කළේ, මොරටුව ප්රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් සම්බන්ධයෙන් මතුවූ තත්වයක් මත පිරිසක් මාර්ගය අවහිර කරමින් රැදී සිටි බවයි.
ඊට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට සිදුවූ බව ද පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් කිහපදෙනෙකුද තුවාල ලැබූ අතර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/3s3cbba5







