පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකුයි මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර තිබෙනවා.

පසුව එම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදුකළ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

source :- https://tinyurl.com/2uz6zkw8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here