
කොළඹ කොටුව ක්‍රීෂ් ව්‍යාපෘතියට ආයෝජනය කළ මුදල් අයථා ලෙස ඉපැයූ මුදල් බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව ක්‍රීෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කටියාල් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි ද හින්දු වෙබ් අඩවිය පවසන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ආරම්භ කෙරුණු කොළඹ කොටුව ක්‍රීෂ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය වුණේ එම ව්‍යාපෘතිය අතරමග නතරකර දැමීමත් සමගයි.

මෙම ව්‍යාපෘතිය සිදු කරන ක්‍රිෂ් චතුරස්රයේ අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතිනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් යොදා ඇති බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබෙන්නේ එවැනි පසුබිමකයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ ක්‍රිෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කටියාල් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගත්තද වසර 13ක් යන තෙක් එම නිවාස ලබා දීමට අමිත් කටියාල් කටයුතු කර නැති බවට ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාග කිරීමේදීයි.
අමිත් කටියාල් මෙන්ම ඔහුගේ සමීපතමයින් සහ ක්‍රිෂ් රියල් ටෙක් පෞද්ගලික සමාගම ආයෝජකයින් ගණනාවකගෙන් වංචා සහගත ලෙස මුදල් ගනිමින් රුපියල් කෝටි ගණනින් විවිධ රටවලට සම්ප්‍රේශණය කර ඇති බව ද සඳහන්.
මෙලෙස අයථා ලෙස ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් කෝටි 224.08ක් වටිනා නිශ්චල හා චංචල දේපල අතර කොළඹ අක්කර 4ක ඉඩමක් සහ අඩක් නිමවී ඇති සුපිරි හෝටලයක් පවතින බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.
මොවුන් එම ගනුදෙනු සිදුකර ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ද හින්දු වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
source :- https://tinyurl.com/2e6e775j







