
දුම්රිය ගමන්වාර 28ක් අවලංගු වීම හේතුවෙන් මගීන් අදත් අසීරුතාවට පත්වුණා.
දුම්රිය රියැදුරන් දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය සඳහා රියැදුරන් එක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුවු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව කෙටි දුර ධාවන ගමන්වාර 15ක් අද දිනයේදී අවලංගු කර තිබෙන බවයි පැවසෙන්නේ.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් පසුගිය දින දෙකේදීද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවුණා.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ගමන්වාර අවලංගුවීම අද සවස 3න් පසු යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.
source :- https://tinyurl.com/4dp764tb







