රාජාංගනය පොලිස් වසමේ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී ඊයේ (05) රාත්‍රී කාලයේදී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී, ත්‍රීරෝද රථය පෙරළී මාර්ගයේ ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී තිබෙනවා.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කළ දරුවෙකු තුවාල ලබා නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12ක් වූ වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එමෙනම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/48uruzy3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here