කඩවත නගරයේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

වැටලීම සිදුකළ අවස්ථාවේදී එහි තිබූ රජයට බදු නොගෙවා ආනයනය කල රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව, ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කෙරුණා.

අනතුරුව මෙම රාත්‍රී සමාජ ශාලාවට මුද්‍රා තැබීමටයි සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

source :- https://tinyurl.com/ykxw2srn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here