
උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න සහ එහි සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර බස් රථ මගින් කප්පම් ගැනීම් පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා දුර සේවා බස් නැවතුම්පළ පරීක්ෂාවට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනාට කප්පම් කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු තර්ජනය කර තිබෙනවා.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ එහි සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු කියා සිටියේ.
එකම පවුලේ පියා සහ පුත්‍රයා වන සැකකරුවන් කලක සිට අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කරනු ලබන දුර ගමන් සේවා බස් රථ වලින් කප්පම් ලබා ගන්නා බවට, පැමිණිලි ලැබී තිබුණා.

සැකකරුවන් අවුරුදු 24 සහ 56 යන වයස්වල පසුවන අනුරාධපුර, මාතලේ හන්දිය, සමඟිපුර ලිපිනයේ පදිංචිකරුවන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
source :- https://tinyurl.com/27senb58







