මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට ඊයේ (01) රාත්‍රියේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරෙන් 34 හැවිරිදි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, එම අනතුරෙන් 11 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, ඔවුන් මාතර මහ රෝහලට ඇතුලත් කර ‍තිබෙනවා.

මින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

source :- https://tinyurl.com/49he2v8y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here