
මාස ගණනාවක සිට වෙළෙඳපොළේ පවතින සහල් හිගයට විසඳුම් ලෙස සහල් ආනයනය කිරීමට රජය පියවර ගත්තද තවමත් වෙළෙඳපොලේ පවතින කැකුළු සහල් හිඟයට විසදුමක් ලැබී නැහැ.
තවත් එක් දිනකින් උදාවන නව වසර පිළි ගැනීම සඳහා කිරිබතක් පිළියෙල කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා.
උදාවන 2025 නව වසර වෙනුවෙන් ජනතාව ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ මිල දී ගැනීමට යුහුසුළු වන පසුබිමක වෙළෙඳපොළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම අර්බුදයක් පවතිනවා.

ඒ අතුරින් ප්‍රධාන වන්නේ සහල් ගැටලුවයි.
මාස ගණනාවක සිට වෙළෙඳපොළේ පවතින සහල් හිගයට විසඳුම් ලෙස සහල් ආනයනය කිරීමට රජය පියවර ගත්තේ ද එවැනි පසුබිමකයි.
පෞද්ගලික අංශය මගින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් මේ වනවිට මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර තිබෙනවා.
එම සහල්වලින් මෙට්‍රික් ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික් ටොන් 43,000ක් නාඩු සහල් බව, ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.
ඒ අනුව බොහෝ වෙළෙඳසැල් වෙත ආනයනික සහල් ලැබී තිබුණා.
කෙසේ වෙතත් තවමත් කැකුළු සහල් හිගයට විසදුම් ලැබී නැහැ.
වෙළඳුන් පවසන්නේ කැකුළු සහල් තොග කිසිවක් මෙතෙක් තමන්ට නොලැබී ඇති බවත්, නව වසරට කිරිබත් පිසීම සඳහා පාරිභෝගිකයින්ට කැකුළු සහල් ලබා දීමේ හැකියාවක් ඒ හේතුවෙන් තවමත් නොමැති බවයි.
source :- https://tinyurl.com/23sxmcam








