අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක මුදලක් ලබාදීමට පසුගියදා රජය තීරණය කිරීමත් සමග පාර්ශ්ව රැසක විරෝධය ඊට එල්ල වුණා.

එහිදී ඔවුන් සඳහන් කළේ එකී දීමනාව සියලුම පාසල් දරුවන් සඳහා ලබා දීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් එවන් තත්ත්වයක් මත 27 වැනිදා සිට අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල ගෙවීමටයි රජය කටයුතු කරනු ලැබුවේ.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබාදීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනු ලබන්නේ.

source :-  https://tinyurl.com/357vjj9m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here