යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහලට හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන එහෙත් මෙතෙක් නිශ්චය වශයෙන් පරීක්ෂණ වලින් සනාථ නොවූ රෝගීන් හත් දෙනෙකු ද යාපනයෙන් හමු වී තිබෙනවා.

යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයෙන් මී උණ රෝගය තුරන් කිරීම සදහා සෞඛ්‍ය නිලධාරීන් ඉතා කාර්යක්ෂම වැඩසටහන් ගණනාවක් ප්‍රදේශ පුරා දියත් කොට තිබියදී යළිත් මී උණ වසංගතය උත්සන්න වීම විශාල තර්ජනයක් වී තිබෙනවා.

කෙසේ වෙතත් ගත වූ කාලය ඇතුළත මී උණ රෝගය හේතුවෙන් රෝගීන් නව දෙනෙකු උතුරු ප්‍රදේශයේ රෝහල්වලදී මියගොස් ඇති අතර, 234 දෙනෙකු එම රෝගය සදහා ප්‍රතිකාර ලබා ගෙන තිබුණා.

එමෙන්ම යාපනය හා උතුරු ප්‍රදේශය පුරා මී උණ සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ කටයුතු තව දුරටත් සිදු වෙමින් පවතියි.

source :- https://tinyurl.com/42ep2zz6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here