නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, දෙසැම්බර් 27 වනදා පෙරවරු 9 සිට රාත්‍රි 11 දක්වාත් නෙළුම් කුලුන විවෘතව තැබෙනු ඇති.

මීට අමතරව දෙසැම්බර් 31 වැනිදා සහ ජනවාරි 01 වැනිදා යන දින දෙකෙහිම පෙරවරු 9 සිට පසුදින අලුයම 1 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබීමට නියමිතයි.

source :- https://tinyurl.com/5as54tct

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here