
ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේ බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 37ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මෙසේ දඬුවම් නියම වූයේ දිනුෂ් කුරේරා නම් පුද්ගලයෙකුටයි.
මෙම පුද්ගලයා විසින් වසර මීට වසර දෙකකට පෙර සිය බිරිඳ වන 43 හැවිරිදි නෙලෝමී පෙරේරා පොරොවකින් පහරදී ඝාතනය කෙරුණා.

මෙම සිර දඬුවමට එරට විනිසුරු අමන්ඩා ෆොක්ස් ප්‍රකාශ කළේ කුරේරාට සමාව දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ වසර 30කට පසුව පමණක් බවයි.
එමෙන්ම නෙලෝමී සැමියාගෙන් වෙන්වීම සඳහා සූදානමින් සිටී බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.
source :- https://tinyurl.com/yz5v6w73







