නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේදී ගැහැණු දරුවෙකුට ඊයේ (18) රාත්‍රී කාලයේදී විදුලි සැර වැදී පුත්තලම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නවගත්තේගම පොලිසිය සඳහන් කරනවා.

මියගිය දැරිය වයස අවුරුදු 14ක් වූ ඉහලකුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්‍රෙන්ඩරයකට විදුලිය ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/exnvncsw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here