බුදු දහම හෑල්ලුවට ලක් කරමින් අසභ්‍ය වචන භාවිතා කිරීම තහනම් කරමින් ඇප කොන්දේසි පනවා, ඇප මත මුදා හැරි රාජාංගනය සද්ධාරතන හිමියන් එවැනි අසභ්‍ය වචන භාවිතා කරමින් ඇප කොන්දේසි කඩ කර ඇද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරි දින වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (18) නියෝග කළා.

සැකකාර හිමිනම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා.

සැකකාර හිමියන්ට එලෙස කටයුතු නොකරන ලෙස තරයේ අවවාද කරමින් මුදා හරින ලද බවත් එම ඇප කොන්දේසි කඩ කර ඇති බවත් නීතිඥවරයා සීඩී පට ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියා.

සැකකාර හිමියන්ට පරිඝණක අපරාධ පනත, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටත් චෝදනා ගොනු කර ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/3bmzj2h9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here