
මීගොඩ ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 32ක් වූ තරංග නැමති එක්දරු පියෙක්.
මරණකරු තම බිරිඳ හා කුඩා දරුවා සමග වැඩිමහල් සහෝදරයෙකුගේ නිවසේ පැවති සාදයකට ගොස් නැවත කාර් රථයෙන් තම නිවසට පැමිණෙමින් සිටියදී නාගහවත්ත කැලෑබඳ ප්‍රදේශයේදී මාර්ගය අයිනේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකු එක්වරම මාර්ගයට පැමිණ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවට පොලිසිය විසින් සිදු කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරනු ලබනවා.
මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
source :- https://tinyurl.com/y8pfpatt







