
දිනකට කිරි ලීටර් 62,000ක වාර්තාගත නිෂ්පාදනයක් සිදු කිරීමට අඹේවෙල ගොවිපල සමත්ව තිබෙනවා.
ඒ අනුව, මෙය දිනකට වාර්තා කරන ලද ලීටර් 3,000 සිට ලීටර් 60,000 දක්වා දැවැන්ත වර්ධනයක් පිළිඹිබු කරනවා.
2001 වසරේදී රාජ්‍ය අංශයෙන් මෙය පවරා ගන්නා විට දෛනිකව නිෂ්පාදනය කර ඇත්තේ, කිරි ලීටර් 3000ට වඩා අඩුවෙන්.

මේ වනවිට ගොවිපළෙන් ශ්‍රී ලංකාවේ ජාතික සැපයුමට වාර්ෂිකව කිරි ලීටර් මිලියන 20ක් දායක කරනවා.
2019 වසරේදී රුපියල් බිලියන 5ක් ආයෝජනය කරමින් නවීකරණය කිරීමත් සමග, වසර දෙකක් ඇතුළත නිෂ්පාදන ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට සමත්ව තිබෙනවා.
එමෙන්ම උසස් අභිජනන වැඩසටහන් මගින් දේශීයව ඉහළ අස්වැන්නක් ලබා දෙන එළදෙනුන් නිෂ්පාදනය කිරීමට ද හැකි වී තිබෙනවා.
ලොව පුරා සිටින හොඳම වාණිජ ගව පට්ටි හා සැසඳිය හැකි ජානමය වශයෙන් උසස් මෙරට සිටින ගවයින් දින 305ක කිරි ලීටර් 12,000ක් නිපදවයි.
තවද, දැඩි සෞඛ්‍ය නිරීක්ෂණ පියවරයන් මගින් එළදෙනුන් සෞඛ්‍ය සම්පන්නව සහ රෝගවලින් තොරව වීමටද සහතිකව තිබෙනවා.
ජාත්‍යන්තර පෝෂණවේදීන්ගේ මගපෙන්වීම ඇතිව, එළදෙනුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද නිරවද්‍ය පෝෂණ පද්ධති භාවිතා කරයි.
මීට අමතරව, ගොවිපලේ තණබිම් මත ආනයනය කර වගා කරන ලද තෘණ වර්ගවලින් පෝෂණය සපයයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස අඹේවෙල ගොවිපලේ දිනකට සාමාන්‍යයෙන් එළදෙනකුගෙන් කිරි ලීටර් 40ක් දක්වා ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.
source :- https://tinyurl.com/3t3dutes







