බීමත්ව යතුරුපැදියක් ධාවනය කර පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කලේ, ඔහුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඊයේ (10) රාත්‍රියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පානය කළ මධ්‍යසාර ප්‍රමාණය බීමත්ව රිය පැදවීමේ චෝදනාව එල්ල කිරීමට ප්‍රමාණවත් නොවීම නිසා ඔහුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් බැංකු නිලධාරියකු බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු බවට ඔහු ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබෙනවා.

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.

source :- https://tinyurl.com/3h3csask

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here