මහනුවර යුගයේ අවසන් රජු වාසය කළ රාජ මාළිගය ඇමරිකන් ආධාර මත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව රජවාසල මියුසියම් නමින් නිල වශයෙන් විවෘත කිරීම ඇමෙරිකන් තානාපතිතුමිය ප්‍රධානත්වයෙන් අද සිදුව තිබෙනවා.

මේ සඳහා ඇමෙරිකන් ඩොලර් 265,000ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කෞතුකාගාරය තුළ ශ්‍රී ලංකාවේ පුරාවස්තු මෙන්ම කෞතුක වස්තූන්ද රැසක් ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

ඊට අමතරව සිංහල රජ සමයේ රාජසභාව රැස්වූ ආකාරය චිත්‍රවලින් මෙන්ම මූර්තිවලින්ද පෙන්වා දෙනවාව්.

දිනපතා පෙරවරු 9.00 – 4.00 දක්වා මහජනතාවට මෙය විවෘතව පවතින බවද පූරාවිද්‍යා නිලධාරීන් සඳහන් කළා.

තානාපතිතුමිය සමඟ මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යතුමා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාද පැමිණ සිටියා.

මෙහිදී අමෙරිකන් තානාපතිතුමිය විසින් මෙම ප්‍රතිසංස්කරණය කරන ලද රජ වාසළ කෞතුකාගාරය අමාත්‍යතුමා වෙත නිල වශයෙන් බාරදීමද සිදු කරනු ලැබුවා.

source :- https://tinyurl.com/udb2kvwx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here