යතුරුපැදිය සේදීමට ළිදට ගිය තරුණයකු ඊයේ(08) පස්වරුවේ ළිදට වැටී අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

ඔහු ඇඟලුම් කම්හලක රැකියාවක් අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණයකට අද (09) දිනයේ මුහුණ දීම සඳහා පනාපිටිය, වස්කඩුව ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබෙනවා.

ඔහු පැමිණ ඇත්තේ වසර 07ක සිට ඔහු හොදින් හඳුනන මිතුරෙකුගේ නිවසක් වෙතයි.

එහිදී මෙම තරුණයා පනාපිටිය කෙත්සිරි මාවතේ ළිදකට ගොස් ඇත්තේ තම යතුරු පැදිය සෝදා ගැනීමටයි.

එම අවස්ථාවේ වතුර පනිට්ටුව ළිඳට වැටුණු නිසා එය ගැනීමට යෑමේදී මෙම තරුණයා ළිඳට වැටී තිබෙනවා.

ඔහු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here