ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශනය වන ජෙම් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි මස 8,9 සහ 10 යන දිනවලදී බෙන්තොට ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.

මෙය ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය කෙරෙහි ජාත්‍යන්තර ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය හා ගෝලීය ගැණුම්කරුවන් ශ්‍රී ලංකාවේ මැණික් වෙළඳපොළ හා සම්බන්ධ කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රදර්ශනයක් වනවා.

මේ හරහා ලෝකයේ දුර්ලභ හා විශිෂ්ඨතම මැණික් සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය තවදුරටත් ස්ථානගත කිරීමට සිදුවනු ඇති.

චීන කොටුව මැණික් සංගමයේ පුරෝගාමීත්වයෙන් මෙය සංවිධාන කෙරෙනවා.

දැනට ලෝකයේ පැරණිතම සහ විශාලතම එළිමහන් මැණික් වෙළඳපොළ ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ බේරුවල ප්‍රදේශයේ පිහිටි චීන කොටුව මැණික් වෙළඳපොළයි.

source :- https://tinyurl.com/5n7v2yp8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here