
විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවන සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්රධානම ගෝලයා ලෙස සැලකෙන පියුම් හස්තික නොහොත් ”පියුමා” අපරාධ කල්ලි රැසක් සමග සෘජුවම සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි හමුවේ දන්වා තිබෙනවා.
ඒ අනුව, සැකකරු ලබන මස 13තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්රාත්වරිය නියෝග කළේ.
මොහු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව පවසමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

source :- https://tinyurl.com/yckynmk6







