නිට්ටඹුව, දඹුටුව ප්‍රදේශයේ ඊයේ (26) දහවල් කාලයේදී අත්තනගලු ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මිය ගිය පුද්ගලයා නිට්ටඹුව ප්‍ර දේශයේ තාවකාලිකව පදිංචිව සිටි අයෙකු බව පොලිසිය පවසනවා.

නිට්ටඹුව ප්‍ර දේශයේ පැවැති පුද්ගලික ආයතනයක මිය ගිය පුද්ගලයා සේවය කර ඇති අතර මිතුරන් කිහිප දෙනෙකු සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරිරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/2ure36r8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here