සිය පුත්‍රයා පැහැර ගැනීමට තැත්කළ පිරිසක් පැදවූ ජීප් රථයට යටකර පියා ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියක් ඇහැළියගොඩ – අම්බලන්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

නාදුනන කණ්ඩායමක් විසින් මියගිය පුද්ගලයාගේ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට ජීප් රථයකින් පැහැරගෙන යාමට තැත් කර තිබුණා.

එම අවස්ථාවේදී පියා ජීප් රථයේ එක් දොරක එල්ලී පුත්‍රයා රැගෙන යාම වැලැක්වීමට උත්සහ කර ඇති අතර, පසුව ඔහු ඉන් ඇදවැටී තිබෙනවා.

අනතුරුව එම රථයට පියා යටවී රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර, පොලිසිය සැක කරන්නේ අදාළ පිරිස විසින් පියාව හිතාමතාම වාහනයට යටකර ඇති බවයි.

සිද්ධියෙන් මියගිය පියා 65 හැවිරිදි වියේ පසුවන අතර, ඇසිඩි ප්‍රහාරයකට ලක්වූ ඔහුගේ 23 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

source :-  https://tinyurl.com/5n7x8t9w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here