
පොල් මිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහන සැපයීමේ අරමුණින් පරිසර, වනජීවි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 2024 ඔක්තෝබර් 23 දින සිට “ජංගම පොල් අලෙවි වැඩසටහන” ආරම්භ කර තිබෙනවා.
එහිදී මෙම වැඩසටහනේ පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල නගර බල ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන්
මෙම වැඩසටහනේදී කොළඹ වැලිකඩ, කිරුළපන සහ මුදල් අමාත්‍යාංශය ආශ්රිත ප්රදේශවලදීද පොල් මිලදි ගැනීමේ පහසුකම් ජංගම රථ ඔස්සේ සපයා තිබෙනවා.

එහිදී එම නිවේදනයේ සඳහන් වන්නේ පාරිභෝගිකයන්ට රු. 100-120 පරාසයක ගුණාත්මක පොල් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීමට අපේක්ෂිත බවයි.
source :- https://tinyurl.com/bdzyam56







