
රුපියල් මිලියනයකට අධික වටිනා දැව තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ව යටකර පලා යාමට උත්සාහ කළ කැබ් රථයකට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු (14) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
ඕමන්තේ සිට මරවන්කුලම දෙසට නීති විරෝධී දැව තොගයක් ප්‍රවාහනය කරන බවට ඕමන්ත පොලීසියේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබී තිබෙනවා.
ඒ අනූවයි නිලධාරීන් පිරිසක් වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයට ගොස් දැව තොගය සමග සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස පොලීසිය වෙත රැගෙන ඒමට සැරසීමේදී සැකකාර කැබ් රථයේ රියදුරා පොලිස් නිලධාරීන් යටකොට කැබ් රථයෙන් පලා යාමට උත්සහ කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී නිලධාරීන් රථයට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු සමග කැබ් රථය රඳවාගෙන තිබෙනවා.
දැව ජාවාරම්කරුවන් ඕමන්ත රක්ෂිත වනයෙන් අනවසරයෙන් දැව කපා යාපනය දක්වා ප්‍රවාහනය කිරීම කලක සිට සිදු කරන බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, දැව තොගය හා කැබ් ඒ රථයද වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ඕමන්ත පොලීසිය පියවර ගත්තා.
source :- https://tinyurl.com/27num65z







