
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පවතින ආපදා තත්වයෙන් පීඩාවට පත් වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි පිරිසිදු ආහාර වේල් 03ක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය, දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.
එසේම, වියළි සලාක ලබා දීමට අවශ්‍ය වන්නේ නම්, චක්‍රලේඛ ප්‍රකාරව ඔවුන්ට ඒවා ක්‍රමානුකූලව නිකුත් කර ලේඛන ගත කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පවතින ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ ක්‍රියාවලිය පිළිබඳ ඉදිරියේ දී විශේෂ අධීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරීන් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
source :- https://tinyurl.com/yumc5zc5







