
“එස් පාස්” විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මත පැවති රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේම අධිවේගී මාර්ගය අභාවිතා කොට තිබෙන බව වාර්තා වනවා.
නව ජනපති බලයට පත්වීමත් සමඟම මෙම අවභාවිතාවයට තිත තැබීමට හැකිවූ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචිමාර්ග පවසන්නේ.
දිනකට වාහන 150-200ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට මෙසේ ගමන් කර තිබෙන බව පැවසෙනවා.

ඒ හේතුවෙන් රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
”එස් පාස්” හෙවත් ( විශේෂ අවසර පත්‍ර) නොමැතිව ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබා දෙමින් වෙනත් වාහන සහ ආරක්ෂක අංශයේ වාහන රැසක් අධිවේගී මාර්ගයේ ගමන් කර තිබෙන බව වාර්තා වනවා.
මේ ආකාරයට එක බලපත්‍රයකට හෝ දුරකතන ඇමතුමකට වාහන 10/15ක් අධිවේගී මාර්ගය ඔස්සේ එක පෙලට ඉකුත් රජයන් සමයේ ධාවනය වී ඇතැයිද පැවසෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ ගැසට්ටුවක් නිකුත් කර නියෝග පනවා තිබියදීයි මෙවැනි අවභාවිතයක් සිදුකර ඇත්තේ.
source :- https://tinyurl.com/3sbka863







