ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුර සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂවරයකු පත් කිරීම සහ එම තනතුරේ සිටි නිලධාරියා ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගිය 02වනදා පැමිණිල්ලක් යොමු වී තිබෙනවා.

අදාළ පැමිණිල්ල මත මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මහා මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක, මැතිවරණ කොමිෂන් සභාවේ පුර්ව අනුමැතියකින් තොරව සිදු කර ඇති මෙම ස්ථාන මාරුව වහාම අත්හිටුවා, ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් දින 03 ක් ඇතුළත් යොමු කරන ලෙසයි.

නිදහස් සහ සාධාරණ ඡන්ද වීමසීමක් පැවැත්වීම සඳහා සහාය ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කල ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://shorturl.at/1En08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here