2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797න් 309ක් භාර දී නොමැති බවට පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

ඒ සැකකරුවන් නඩුවෙන් මුදා හරින ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්.

2015 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිළධාරීයා කළ පැමිණිල්ලකට අනුව හිටපු මන්ත්‍රීවරයාට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය භාරව කටයුතු කළ පුද්ගලයා ඇතුළු දෙදෙනෙකුට නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත් ඇප මත මුදා හැර ඇති පළමු සැකකරු නඩුව අතරවාරයේ මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලේ වාහන සංචිතයේ තිබූ අධිආරක්ෂිත බෙන්ස් රථය ඇතුලු වාහන 20 ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන භාරයේ තිබූ බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

source :- https://tinyurl.com/5n6rm7f4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here