නීතිවිරෝධීව රැදී සිටින විදේශිකයින්ට යළි සිය රට වෙත යාම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍ය ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙස ඩුබායි හි ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලීමක් කරනවා.

පසුගිය සැප්තැම්බර් 01 වනදා හදුන්වා දුන් මෙම පොදු සමා කාලය ලබන නොවැම්බර් 01 වනදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව මේ දක්වා යළි දිවයිනට යෑම සදහා 520 දෙනෙකු ගුවන් ටිකට්පත් ලබා ගෙන ඇති බවයි ඩුබායි හි මෙරට කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර කියා සිටියේ.

පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන යළි දිවයිනට යාම සදහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සේවය සැලසීම සදහා කොන්සල් ජනරාල් කාර්යාලය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද ඔහු කියා සිටියා.

source :- https://tinyurl.com/5ypshtud

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here