අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩුවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

අවසන් වරට පසුගිය ජුලි 02 වනදා සිදුකළ ගාස්තු සංශෝධනයේදී 5.07% ක ප්‍රතිශතයකින් බස් ගාස්තු පහළ දැමුණා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක අවම බස් ගාස්තුව රුපියල් 28ක්.

එහෙත් අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයේදී බස් ගාස්තු අඩුකෙරුණේ නැහැ.

ඒ අනුවයි මෙවර බස් ගාස්තු අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බවයි එම වෘත්තීය සංගම් ප්‍රකාශ කළේ.

ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පැවසූයේ ත්‍රිරෝද රථ ගාස්තු සමාලෝචන කමිටුව අනිද්දා රැස්වීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවයි.

මේ අතර ඩීසල් මිල අඩුවූවත් වාහන නඩත්තු වියදම් අඩුනොවීම හේතුවෙන් පාසල් වෑන් රථ ගාස්තුවද අඩුකිරීමේ හැකියාවක් නොමැති බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා කියා සිටියේ.

source :- https://tinyurl.com/2w6uhj7z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here