බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට බරපතළ තුවාල සිදු වූ අයෙකු රෝහල්ගත කල බව කොටදෙණියාව පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල සිදුවී ඇත්තේ වල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුව ප්‍රථිකාර සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ප්‍රදේශයේ වන ලැහැබකට ගිය අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බවයි.

කෙසේ වෙතත්, වෙනත් අයෙකු විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම බඳින තුවක්කුව අටවා ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර, එම පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

source :- https://tinyurl.com/bdhcn9tb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here