බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා.

බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා.

ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ.

මේ අතර, බිත්තර මිල ගණන් පහළ ගියද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්. කේ.ජයවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව ඉල්ලා සිටින්නේ බේකරි ඇතුලු ආපනශාලා ආහාරවල මිල පාලනයක් ඇති කළ යුතු බවයි.

source :- https://tinyurl.com/yz788uhe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here