මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට (30) දිනයේද මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප්‍රබල අකුණු ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

source :- https://tinyurl.com/9mbjpcpv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here