අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන කළු කඩ ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි.

පසුගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේ නමුත් බේකරී වල තිබෙන නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව දැනගන්නට තිබෙනවා.

source :- https://tinyurl.com/yz55r9t3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here