නව රජය මගින් බිත්තර සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කර තිබියදී මස්කෙළිය හා සාමිමලේ යන නගරවල බිත්තරයක සල්ලර මිල තවමත් රුපියල් 42.00ක් වැනි අධික මිලකට විකිණීම නිසා ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්ව තිබෙනවා.

රජය මගින් බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 28.00- 35.00 අතර ගණනකට විකුණන ලෙස දන්වා තිබියදී මස්කෙළිය හා සාමිමලේ යන නගරවල වෙළෙන්ඳන් රුපියල් 40.00- 42.00 දක්වා ඉහල මිළකට විකුණන බවයි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.

වෙළඳසල් හිමියන්ගෙන් සඳහන් කරන්නේ තමන්ට අඩු මිලට බිත්තර තොග නොලැබෙන නිසා නව මිලට විකිණිය නොහැකි බවයි.

මෙම කූඨ ව්‍යාපාරිකයින්ට එරෙහිව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියට කීප වරක් දන්වා සිටියද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ.

source :- https://tinyurl.com/4uuv4ss9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here