අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (27)  සමත් විය.

පොලීසිය සඳහන් කළේ මෙම ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

source :- https://tinyurl.com/52kjfz67

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here