හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරු අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාල පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරු විසින් මීට පෙර තමන්ට නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබුණා.

source :- https://tinyurl.com/y6kjmudy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here