සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) දිනයේදී කුසල් මෙන්ඩිස් ද ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු 148කදී හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් ලබා ගනිමින්.

මෙම ශතකය ඔහුගේ ටෙස්ට් ශතක ලැයිස්තුවේ 10 වැනි ටෙස්ට් ශතකයද වෙනවා.

මින් පෙර අද උදෑසන කමිඳු මෙන්ඩිස්ද සිය පස් වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ පන්දු 147කදී හතරේ පහරවල් 12ක් සමඟ ලකුණු 100ක් රැස් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පළමු ඉනිමට කඩුළු 05ක් දැවී ලකුණු 594ක් රැස් කරගෙන සිටිනවා.

source :- https://tinyurl.com/33r4jydc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here