මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.

එමෙන්ම ත්‍රිකුණාමලය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

source :- https://tinyurl.com/arpbu78b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here