
මව විසින් තම සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ 18 කණුව කස්තුරිවත්ත ගලහ ප්‍රදේශයෙන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 05ක් වයසැති දැරියක්.

අවුරුදු 21ක් වූ මව මෙම අපරාධය සිදුකර ඇත්තේ දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා බවයි වාර්තා වෙන්නේ.
ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු අතර මෙම කාන්තාව ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගාගෙන තිබෙනවා.
එම හේතුව මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇති අතර ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
source :- https://tinyurl.com/4ruhazma







