ධීවරයින් තිදෙනෙකු සමග කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාවට ගිය බෝට්ටුවක් ඉකුත් (21) දා දහවල් සිට අතුරුදහන්ව තිබෙනවා.

ධීවර රැකියාව සඳහා මුහුදු ගිය එම යාත්‍රාව මේ දක්වා ගොඩබිමට පැමිණ නැති බවයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මෙම යාත්‍රාව නාකුලුගමුව, සීනිමෝදර, මල්ගම්පුර පදිංචි කරුවෙකුට අයත් එකක් බවයි පැවසෙන්නේ.

‘මිහින්දි’ නමැති එම ධීවර යාත්‍රාවේ කුඩාවැල්ලේ පදිංචි වයස අවුරුදු 20, 23, 30 වයසේ පසුවන ධීවර තරුණයින් තිදෙනකු මුහුදු ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම ධීවරයින්ගේ පවුලේ අය පැමිණ තංගල්ල මූලස්ථාන පොලිසියට මේ සිද්ධිය පිලිබදව පැමිණිලි කළ බවයි පොලිසිය පවසනවා.

අතුරුදන් යාත්‍රාව පිලිබදව නාවික හමුදාව දැනුම්වත් කොට තිබෙනවා.

source :- https://tinyurl.com/3huexzzk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here