අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ලවන චෝදනා අනුවයි.

දිවයිනම ආවරණය වනපරිදි මධ්‍යස්ථාන 2,849කදී පසුගිය ඉරිදා දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා.

කෙසේ වුවත් අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව පවසමින් මව්පියන් සහ ගුරුවරුන් පිරිසක් පසුගිය දා චෝදනා එල්ල කළා.

මේ අතර අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පියවර ගැනීමටපලාත් අධ්‍යක්ෂවරයාට උපදෙස් ලැබී තිබෙනවා.

ඒ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ල වූ චෝදනාවකට අනුවයි.

මේ අතර නික­වැ­ර­ටිය ප්‍රදේශයේ පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහි­ප­යක් ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක තුළදී ලබාදී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් චෝදනා කරනවා.

ඒ සම්භන්ධයෙන් දෙමාපියන් පිරිසක් එක්ව පාසල ඉදි­රි­පි­ටදී අත්සන් තබන ලද ලිපියක් නික­වැ­ර­ටිය කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ­ව­ර­යාට, පාසලේ විදු­හ­ල්ප­ති­ව­ර­යාට සහ නික­වැ­ර­ටිය කොට්ඨාස භාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට යොමු කර තිබෙනවා.

source :- https://tinyurl.com/y43kjzb8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here