කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට වාර්තා වෙනවා.

එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි එම වෙළඳසැලේ හිමිකරු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන බවටයි වාර්තා වෙනේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

source :- https://tinyurl.com/rt5nydpx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here