ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

පසුගිය ඉරිදා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙර ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි පැවසෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්නවල සමානකමක් පැවතීම හේතුවෙන් ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා පෙරේදා පියවර ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඊයේ ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලමින් ගුරුවරුන් සහ දෙමාපියන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත වුණා.

මේ අතර මෙම විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබවා.

source :- https://tinyurl.com/2uhjvm8n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here